නියඟ අපට විතරද? අ හිංසක ජනතාවගේ හිස මතට කඩා වැටීමට ඇති සියලු කරදර කඩා වැටී ජනතාව යළි කොන්ද කෙලින් කිරීමට උත්සහ කරන මොහොතක ස්වභාවදහම ද ඔවුන්ට ඊටත් වඩා පීඩා කරනුයේ සිත්පිත් නොමැති ලෙසය. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ම බලපා ඇති වියළි කාලගුණය තව කොතරම් කාලයක් ජනතාව පීඩාවට පත් කරයිද ? ස්වභාවදහමේ මේ කුරිරුකම තවදුරටත් සතා සිවුපාවන්ට පවා දරාගත නොහැකිය. පීඩාවෙන් දැවෙන සිව්පාවාගේ සිතට ද මිනිසාගේ සිතට ද සහනයක් ලබාදීමට හැකි එකම පිහිටවන්නේ වර්ෂාව නැමැති බාලගිරිදෝෂය යි. වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් 49,765 ක පුද්ගලයින් 1163,00 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ඒත් සමගම මිනිසුන් මෙන්ම අපේ ජෛව විවිධත්වයට වැදගත් තවත් පාර්ශවයක් මේ මොහොතේ නිහඬව වියළි කාලගුණයෙන් පීඩා විඳිති. ඔවුන් ද මේ මොහොතේ ජල අර්බුදය පෙළෙයි. ඔවුන් ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත. තම අයිවාසිකම් ඉල්ලා හඬ නගන්නේ නැත. තම දරුවන්ට තිබහයි කියා මැසිවිලි නගන්නේ නැත. නිහඬව ම...