Skip to main content

Posts

Showing posts from January, 2024
  කැපවීම නොමැති තැන සිහින සිහිනයම.                             පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ   තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය. ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ   සඳහා ඔබේ නින්ද , විනෝදය , ආශාවන් සියල්ල ඔබ ඔබේ විභාගය වෙනුවෙන් කැපකළ යුතුය. ඔබට අවශ්‍ය රටේ පිළිගත් සන්නාමයක් හිමි ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔබ ඔබේ සතුට විවේකය සැපපහසු