Skip to main content

 

කැපවීම නොමැති තැන සිහින සිහිනයම.

 

                          පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ  තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය.

ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ  සඳහා ඔබේ නින්ද, විනෝදය ,ආශාවන් සියල්ල ඔබ ඔබේ විභාගය වෙනුවෙන් කැපකළ යුතුය. ඔබට අවශ්‍ය රටේ පිළිගත් සන්නාමයක් හිමි ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔබ ඔබේ සතුට විවේකය සැපපහසුකම් සියල්ල කැප කිරීමට  සූදානම් විය යුතුය. ඒ තුළ සැබෑ පුද්ගලයෙකු ලෙස මියයාමට පුද්ගලයාට හැකිය. පුද්ගලයාගේ ජීවිතයේ සෑම සිහිනයකම සැගවුණු ගාමක බලවේගය වන්නේ කැපවීමය.  ගෞතම බුදුරජානන් වහන්සේ මෙලොව බුද්ධත්වය ලැබුවේ සියලු සැප සම්පත්වලින් පරිපූර්ණ සුඛෝපභෝගී මාලිගාවල ජීවත්ව නොවේ. අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්විය. සිඳුහත් කුමරුට කොපමණ ධනය බලය තේජස තිබුණද තමාගේ අරමුණට ළඟාවීමට අවශ්‍ය වූයේ අසීමිත කැපකිරීමක් පමණි. එලෙසම කිර්තිමත් පුද්ගලයන්, ව්‍යාපාරිකයන්ගේ ජිවිතය ආපස්සට කියවා බැලීමේදි ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස වී තිබෙන්නේ උත්සහය සහ අසීමිත කැපකිරීමය. ඇතැම් ජයග්‍රහන ලබාගැනීමට කෙටිකාලයක් ගතවුවද විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට නම් දිගු කාලයක කැපකිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා තමාගේ ජීවිතයද කැපකිරීමට සිඳුවෙයි. යම් අයෙක් දෙස බලා මටත් මෙවැනි ජයග්‍රහණයක් ලැබුණායැයි සිතන්නට බොහෝ පහසුය. නමුත් ඒ ජයග්‍රහණ ලබන්නට එම පුද්ගලයා කොතරම් කැපවූවාද යන කාරණය අප සොයන්නට යන්නේ නැත.

ජීවිතයේ අපට යම් යම් අවස්ථාවල සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයට මුහුණදීමට සිදුවන අවස්ථා බහුලය. ඒ අසාර්ථකත්වය තුළ අපේ බලාපොරොත්තු ජීවිතයෙන් ඈත්කරගනී. නැවත නව උත්සහයකින්, කැපවීමකින්, අධිෂ්ඨානයකින් කඩා වැටුණු බලාපොරොත්තු සඵල කරගැනීමට උත්සහ කරනුයේ සුළු පිරිසකි. බලාපොරොත්තු වන උපරිමයෙන් ප්‍රතිඵල නොලැබුනද දිගු කාලීන කැප කිරීම තුළ කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිඵලයක් ලබාගැනීමට පුද්ගලයාට හැකිවෙයි. එම නිසා අරමුණ කරායන ගමනේදී කිසියම් දරාගැනීමක් පුද්ගලයාට තිබිය යුතුය.එය දරාගත නොහැකි කටුක දරාගැනීමක් විය හැකිය. නමුත් හීන ඉෂ්ට කරගැනීමේ රහසද එයයි. එය සොරකම් කිරීිමටද කිසිවෙකුට නොහැකිය. ඒ කැපකිරීම තුළ ඔබව පරීක්ෂාවට ලක්වේවි. ඔබට ඔබ නොසිතූ අවස්ථාවන් ලැබේවි. ඔබට ඔබමම අලුත් පුද්ගලයෙකු ලෙස පෙනේවි. ඔබේ අවධානය ඔබෙන් උදුරාගන්නා සියලු පුද්ගලයන්ගෙන් ක්‍රියාවන්ගෙන් වෙන්වීමට ඔබට හැකිවිය යුතුය. එය ඔබ සිඳුකරන විශාල කැපකිරීමකි. තමන් දුටු සිහිනය සැබෑකරගෙන මිස නැවත හැරීමක් නොකළ යුතුය. ඔබට ඔබේ ජීවිතයට ඔබේ සිතට තම බලාපොරොත්තුව අවශ්‍ය බව දැනීමට ඉඩදිය යුතුය. සිහිනය හබාගෙන යා යුතුය. සිහින බලාපොරොත්තු වෙනුවෙන් ඔබ ඔබේ උපරිමට ලබානොදුන්නොත් අවසානයේ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට බලාපොරොත්තු නොවිය යුතුය. කැපකිරීමක් නොමැති තැන හිමිකරගැනීමක් නැත. ඔබට  ඔබෙන් මඟහැරෙන සෑම තත්පරයකටම ලෝභ කරන්න. කාලය හා  මුදල් ඔබේ සිහින වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබ ඔබව විශ්වාස කිරීම අත්‍යවශ්‍යය.

 

සත්‍යාංජලී ජයසිංහ

කැළණිය විශ්වවිද්‍යාලය.

 

 

Comments

Popular posts from this blog

ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?      සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත. දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබි...
  අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…           පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.         ...