Skip to main content

Posts

Showing posts from May, 2023
  සැනසීමක් ලබාගන්නේ කොහොමද...?           දැනටමත් හිතේ සැනසීමක් තියන කෙනෙක්ට මේ පිටුව ආදාල වෙන එකක් නෑ.එත් සැනසීම කියන්නෙ මොකද්ද කියලවත් දන් නැති කෙනෙක් මේ  පිටුව මුල ඉදන් අගටම බලයි.කෙසේ හෝ මේ දෙපාර්ශවයටම සැනසීමක් ලබාගන්න තමයි මම අද ඔයාලට ලියන්නෙ.           සැනසීම කියන වචනයේ අගය අපට දැනෙන්නෙ අප යම්කිසි අර්බුදයක අපට විසඳාගත නොහැකි ප්‍රශ්නයක පැටලී සිටින විට එ ප්‍රශ්නයෙන් නිදහස් විමට දරන වෑයම තුළය. මට කොහෙන් ගියත් සැනසීමක් නෑ. මට මේ දේවල් එමාවෙල තියෙන්නෙ වගේ නොයෙකුත් ආකල්ම ආපේ මනසට එන්නේ ඒ ගැටලුවේ මුදුනටම ගියාම. එසේනම් සැනසීමක් හොයන ඔයා වාගේම මමත් කරන්න තියන හොඳම දේ තමයි හැකිතරම් ඉවසන එක.පැරණි ආත්තෝපදේශයක් තියනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඉතින් ඒ දෙවල් ඒකාලේ කීවෙ  කටකහනවට නෙවෙයි කියල ඉවසන් හිටියාම තේරෙනවා.මොකද්දෝ හේතුවකට අද කාලෙ අපට හමුවන බොහෝ අයට නැත්තෙම ඉවසීම.බස් එකක කකුල පෑගුනත් අනෙක් කෙනාට කකුල කැ‌‌ඩෙන්න ගහනවා.අම්මා බැන්නාම එල්ලිලා මැරෙනවා.තව කෙනෙක්ගෙ මතයනට හොදින් සවන්දෙන්න බෑ ඉක්මනින් කෙන්තිගන්නවා.වගේ ඉතාමත් දරුණු ආකල්පවලින් යුත් මිනිස් කොට්ටාසයක් නිර්මාණය වෙලා තියෙනවා.මේ සියල්ලටම හ
ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?      සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත. දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබිණි.මිනිස් අවශ්