Skip to main content

 


සැනසීමක් ලබාගන්නේ කොහොමද...?

        දැනටමත් හිතේ සැනසීමක් තියන කෙනෙක්ට මේ පිටුව ආදාල වෙන එකක් නෑ.එත් සැනසීම කියන්නෙ මොකද්ද කියලවත් දන් නැති කෙනෙක් මේ  පිටුව මුල ඉදන් අගටම බලයි.කෙසේ හෝ මේ දෙපාර්ශවයටම සැනසීමක් ලබාගන්න තමයි මම අද ඔයාලට ලියන්නෙ.

        සැනසීම කියන වචනයේ අගය අපට දැනෙන්නෙ අප යම්කිසි අර්බුදයක අපට විසඳාගත නොහැකි ප්‍රශ්නයක පැටලී සිටින විට එ ප්‍රශ්නයෙන් නිදහස් විමට දරන වෑයම තුළය. මට කොහෙන් ගියත් සැනසීමක් නෑ. මට මේ දේවල් එමාවෙල තියෙන්නෙ වගේ නොයෙකුත් ආකල්ම ආපේ මනසට එන්නේ ඒ ගැටලුවේ මුදුනටම ගියාම. එසේනම් සැනසීමක් හොයන ඔයා වාගේම මමත් කරන්න තියන හොඳම දේ තමයි හැකිතරම් ඉවසන එක.පැරණි ආත්තෝපදේශයක් තියනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඉතින් ඒ දෙවල් ඒකාලේ කීවෙ  කටකහනවට නෙවෙයි කියල ඉවසන් හිටියාම තේරෙනවා.මොකද්දෝ හේතුවකට අද කාලෙ අපට හමුවන බොහෝ අයට නැත්තෙම ඉවසීම.බස් එකක කකුල පෑගුනත් අනෙක් කෙනාට කකුල කැ‌‌ඩෙන්න ගහනවා.අම්මා බැන්නාම එල්ලිලා මැරෙනවා.තව කෙනෙක්ගෙ මතයනට හොදින් සවන්දෙන්න බෑ ඉක්මනින් කෙන්තිගන්නවා.වගේ ඉතාමත් දරුණු ආකල්පවලින් යුත් මිනිස් කොට්ටාසයක් නිර්මාණය වෙලා තියෙනවා.මේ සියල්ලටම හේතුව විදිහට දකින්නෙ තමන්ට තමන්ගේ ඉවසීම මොනයම් හෝ කාරණාවක් නිසා නැති වී තිබෙන නිසයි.ඒ නිසා බොහෝ විනාශයන් සිඳුකරගන්නා ආකාරයක් දැකගන්න පුලුවන්.මෙය අදක ඊයක අපේ ජානවලට ආ දෙයක් නොවෙයි.අපේ අතීත මුතුක් මිත්තනගේ පරම්පරාවල සිටම ආ දෙයකි.ඉවසීමක් නොමැති සිංහල රජ කාලයේ කොතරම් මිනීමැරීම් සිඳුවූවාද.
අතීතය අතීතයක්ම පමණයි.මම කියන්නෑ ඔබට අතීතයේ ජීවත්වන්න කියා.එහෙත් මොහොතක් හැරීබැලුවොත් ඉවසීම නොමැතිව තමන් කළ දෙවල් හොදටම බලාගන්න පුළුවන් ඔබගේ අතීතයෙන්.තමන්ගේ ආදරණීයන් කිදෙනෙක්ගෙ සිත් කොතරම් ඔබ ඉවසීම නැතිව රිදවා ඇද්ද?ඔබේ දෙමාපියන්ගේ සිත් කෙතරම් දුකට පත්කර ඇද්ද.කෙනෙක් ඔබව සතුටට පත්කරන්න suprice එකක් දුන්නා කියල හිතුවොත් ඒක දරාගන්න බරි කී දෙනෙක් ඉන්නවද? රණුඩුවක් පටන්ගන්න පුංචිම හෝ හේතුවක් නැති තැන ඔබේ ඉවසීම අතුරුදහන් වී එය විශාල රණ්ඩුවක් වී නිම වෙන අවස්ථා තිබුණද?ඔබව තනිවම සිතා බලන්න.

        මේ ඉවසීම නැති නිමා අවසානයේ අපට ඉතිරිවන්නේ මොනවාද?මෙයින් විශාලම හානිය වන්නේ තමාටමයි.පුද්ගලයෙකුට තමන් තුළ තමාටම ගොඩනගාගත් අවේණික ප්‍රතිරූපයක් ති‌බේ.ඒය අපි පෞර්ෂය කියලත් කියනවා.ඉතින් ඉවසීමක් නැතිව වැඩ කටයුතු කරන්න ගියාම මුලින්ම වන හානිය තමන්ගේ ප්‍රතිරූපයට එය කැළලක් වෙනවා.ඔබව සමාජය හදුනාගන්නෙ ඉවසීමක් නැති ගැහැනියක හා පිරිමියෙකු ලෙස.ඒ වාගේම එයින් ඔබට නිරවුල් මනසක් නොමැතිවෙනවා.සෑම මොහොතකම මනසට හරි වේදනාවක් දැනෙනවා.එවිට සැම දෙනාවම පෙනෙන්නෙ සතුරන් ලෙසය.එය ඔබට ඔබේ ආදරණීයන් ඔබට ඔබෙන් ඈත් කිරීමකි.එවගේම ඉවසීමක් නොමැති කමින් ඔබ අන් අයගේ අපහාසයට නිගරුවට ලක්වෙනවා.එසේ වුවහොත් එයින් ලැබෙන අවාසි සහගත තත්වයන්ද ලැබෙන්නේ තමන්ටමය.

        අපෙන් මේ සැමවිටම ගිලිහෙන ඉවසීම අප වර්දනය කරගන්නේ කෙසේද?අපට කරන්න තිබෙන හොදම දෙය වන්නේ අපේ අන්තර්වර්තී සන්න්වේදන හා පුද්ගලාන්තර කුසලතා අප තුළ වර්ධනය කරගැනීමයි.එනම් තමා තමා සමඟම යම් කිසි සන්නිවේදනයක් සිදුකරගෙන තමා පිළිබඳ සිතීමට යම්කාලයක් වෙන්කර ගැනීමයි.එයින් ඔබට ඔබ තුළ පවතිව ධනාත්මක දේවල් අයහපත් දේවල්, මට නැති දෙවල්  තිබෙන දේවල් ගැන සිතන්නට යොමු වෙනවා.එය ඔබට මනසට සහනයක් ගෙන දෙනවා.
එලෙසම තමයි දෙදෙනෛකු ඊට වැඩි දෙනෙකු හමුවී සමූහයක් වශයෙන් ඒක්ව කටයුතු කිරීමේදීද ඔබට ඔබේ ඉවසීම දියුණුකර ගැනීමට හැකි මහගු අවස්ථාවකි.අන්අයගේ මතවලට ගරුකිරීමට,සහවේදනයෙන් යුතුව ජීවත් වීමට එමගින් හැකිවාව ලැබේ.එලෙසම තමයි ඔබට හරි ආකාරව සිත පාලනය කරගැනීමට හැකිනම් ඔබට නිසැකවම ඉවසීමෙන් යුතුව ජීවත් විය හැකිය.

        එහෙනන් ඔබ දැන්නම වෙනස් වන්න.ඔබ ඔබේ ජීවිතය ලස්සන කරගන්න දවසට මොනයම් හෝ දෙයක් එකතුකරගන්න.

Comments

Post a Comment

Popular posts from this blog

ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?      සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත. දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබි...
  කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)      මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි. නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන. මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ...
 සන්නිවේදනය හා ආදරය          මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.         සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ. ආශාව ලිංගික ආකර්ෂණය ලෙන්ග...