Skip to main content

Posts

Showing posts from August, 2023
  නියඟ අපට විතරද?            අ හිංසක ජනතාවගේ හිස මතට කඩා වැටීමට ඇති සියලු කරදර කඩා වැටී ජනතාව යළි කොන්ද කෙලින්   කිරීමට උත්සහ කරන මොහොතක ස්වභාවදහම ද ඔවුන්ට ඊටත් වඩා පීඩා කරනුයේ සිත්පිත් නොමැති ලෙසය. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ම බලපා ඇති වියළි කාලගුණය තව කොතරම් කාලයක් ජනතාව පීඩාවට පත් කරයිද ? ස්වභාවදහමේ මේ කුරිරුකම තවදුරටත් සතා සිවුපාවන්ට පවා දරාගත නොහැකිය. පීඩාවෙන් දැවෙන සිව්පාවාගේ   සිතට ද   මිනිසාගේ සිතට ද සහනයක් ලබාදීමට හැකි එකම පිහිටවන්නේ වර්ෂාව නැමැති බාලගිරිදෝෂය යි. වියළි   කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් 49,765 ක පුද්ගලයින් 1163,00 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ඒත් සමගම මිනිසුන් මෙන්ම අපේ   ජෛව විවිධත්වයට වැදගත් තවත් පාර්ශවයක් මේ මොහොතේ නිහඬව වියළි කාලගුණයෙන් පීඩා විඳිති. ඔවුන් ද මේ මොහොතේ ජල අර්බුදය පෙළෙයි. ඔවුන් ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත. තම අයිවාසිකම් ඉල්ලා හඬ නගන්නේ නැත. තම දරුවන්ට තිබහයි   කියා මැසිවිලි නගන්නේ නැත. නිහඬව මේ සියල්ල දරාගෙන සිටියි. ඔවුන් නම් සතා සිවුපාවන් ය. ඔවුන්ද මේ මොහොතේ පත්ව   ඇත්තේ දැව
        මව සහ මවාගත් මව.   සිතට සැනසීමක් අවශ්‍යනම් සිතට අසීමාන්තික ආදරයක් අවශ්‍ය නම් ගතට ආහාරයක් අවශ්‍ය නම් හදිසියේ වේදනාවක් දැනුනනම් මේ අවශ්‍යතා සියල්ල  සංසිඳුවා ගැනීමට සිටින එකම පිහිට අපේ අම්මාය. අම්මා නමැති වචනය නෙතට ගැටුනද එම රූපය අප සිතෙහි මැවුණද  දැනෙන සැනසීම වෙනයම්   දෙයකින් ලබාගත නොහැකිය. අම්මා නැමැති සිතා ගත නොහැකි ජීවිතය තම දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් තම සැමියා වෙනුවෙන් කරන කැපකිරීම ඇයටවත් නොතේරෙන තරම් ය. කාලයේ අවාසනාවට දිනෙන් දින අසන්නට ලැබෙන සිද්ධි සංෂිප්තයක් ගෙන බැලීමේදී  මව නමැති වටිනාකම කෙලෙසන, මවක් වීමේ ප්‍රාතිහාරය, වගකීම නොදත් ස්ත්‍රී සමාජයක් දිනෙන් දින බිහිවෙමින් පවතී. දින කිහිපයකට පමණ පෙර තම දරුවා කෝච්චියක තමා ගිය මව කියන්නා වූ කාන්තාවක් සහ පිරිමියකු පිළිබඳව වාර්තා විය. එලෙසම තම දරුවා තමා කියන දේ නොඅසා  තමාට වදදෙන බව කියා දරුණු ලෙස කුඩා දරුවෙකුට පහර දෙන සිද්ධියක් ඔබට මතක ඇත. ඒ සියලු ප්‍රවෘත්ති අලුත් කරමින් කැලණිමුල්ල ප්‍රදේශයේ කානුවක, ඉපදී වැදුම් ලේ වත් ගතින්  ඉවත්ව නොගිය අත දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුණි. මෙය සිත හිරිවට්ටන සිද්ධියක් වූවාය. මේ වාර්තා වන සිද