Skip to main content

       


මව සහ මවාගත් මව.

  සිතට සැනසීමක් අවශ්‍යනම් සිතට අසීමාන්තික ආදරයක් අවශ්‍ය නම් ගතට ආහාරයක් අවශ්‍ය නම් හදිසියේ වේදනාවක් දැනුනනම් මේ අවශ්‍යතා සියල්ල  සංසිඳුවා ගැනීමට සිටින එකම පිහිට අපේ අම්මාය. අම්මා නමැති වචනය නෙතට ගැටුනද එම රූපය අප සිතෙහි මැවුණද  දැනෙන සැනසීම වෙනයම්   දෙයකින් ලබාගත නොහැකිය. අම්මා නැමැති සිතා ගත නොහැකි ජීවිතය තම දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් තම සැමියා වෙනුවෙන් කරන කැපකිරීම ඇයටවත් නොතේරෙන තරම් ය.


කාලයේ අවාසනාවට දිනෙන් දින අසන්නට ලැබෙන සිද්ධි සංෂිප්තයක් ගෙන බැලීමේදී  මව නමැති වටිනාකම කෙලෙසන, මවක් වීමේ ප්‍රාතිහාරය, වගකීම නොදත් ස්ත්‍රී සමාජයක් දිනෙන් දින බිහිවෙමින් පවතී. දින කිහිපයකට පමණ පෙර තම දරුවා කෝච්චියක තමා ගිය මව කියන්නා වූ කාන්තාවක් සහ පිරිමියකු පිළිබඳව වාර්තා විය. එලෙසම තම දරුවා තමා කියන දේ නොඅසා  තමාට වදදෙන බව කියා දරුණු ලෙස කුඩා දරුවෙකුට පහර දෙන සිද්ධියක් ඔබට මතක ඇත. ඒ සියලු ප්‍රවෘත්ති අලුත් කරමින් කැලණිමුල්ල ප්‍රදේශයේ කානුවක, ඉපදී වැදුම් ලේ වත් ගතින්  ඉවත්ව නොගිය අත දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුණි. මෙය සිත හිරිවට්ටන සිද්ධියක් වූවාය. මේ වාර්තා වන සිදුවීම් පමණි තවදුරටත් එය මතකයට ගෙන හදේ සියුම් තැන් රිද්දා ගැනීම  නොකල යුතුය.


මවට මෙසේ වූයේ කිනම් කාරණය නිසා ද? තම දරුවාගේ වකුගඩු දෙකම ගලවාගෙන තම දරුවා දෑස් ඉදිරියේම මියදෙද්දී  දෙස් දෙවොල්කර තම දරුවා නැවත ඉල්ලා සිටින අම්මාවරු අතරේ සිතෙහි කිසිදු අම්මා යන හැඟීමක් නොමැති තෙතමනයක් නොමැති අම්මාවරු යැයි කියාගන්නා පිරිසක් ද බිහි වී ඇත්තේ කිනම් කාරණය නිසා ද. මේ සිදුවීම දෙස බලා හිතේ දුකට, අනේ පව් යැයි කීම කිසිම ඵලක් නැත.රටේ   බලධරීන්, මනෝ විද්‍යාඥයින්  වෛද්‍යවරු රජය ඇතුළු සියලු දෙනා මේවායේ අග මුල සොයා තවත්  මෙවැනි සාහසික අපරාධ  පාඨකයාගේ දෙසවනෙහි තැබීමේ අවකාශය නැති කළයුතුය. මත්ද්‍රව්‍ය, ආතතිය, කාංසාව, අපේක්ෂාභංගත්වය, තනිවීම ඇතුළු තවත් ආධ්‍යාත්මික සහ භෞතික කාරනා මේ සිද්ධි සම්බන්ධව පැටලී ඇත. අම්මා යනු අම්මාමය. තවත් තවත්  මෙවැනි සිද්ධි නිසා අම්මා යන වචනයෙහි අරුත කිලිටි නො කිරීම කළ යුතුය.

Comments

Post a Comment

Popular posts from this blog

ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?      සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත. දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබි...
  කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)      මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි. නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන. මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ...
 සන්නිවේදනය හා ආදරය          මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.         සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ. ආශාව ලිංගික ආකර්ෂණය ලෙන්ග...