Skip to main content


 

කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)


     මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය.

පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි.

නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන.

මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ආකාරය යන සාධක පදනම් කරගෙන පුද්ගලාන්තර සන්නිවේදනය හා සම්බන්ධ විවිධ න්‍යායන් නිර්මාණය වී ඇත.එම න්‍යායන් පුද්ගලාන්තර සන්නිවේදන අවස්ථාවලදී සබඳතා ශක්තිමත් ලෙස වර්ධනව  කරගැනීමට හා පවත්වාගෙන යාමට දායක වෙයි.සහසම්බන්ධතා වර්ධනයට රුකුලක් වෙයි.එහි දී පුද්ගලාන්තර සන්නිවේදනයට අදාළ ප්‍රචලිත වැදගත් න්‍යායන් දෙකක් ලෙස පහක න්‍යයන් දැක්විය හැකිය. 

අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යාය.

සමාජ විනිවිදයාමෙ න්‍යාය


අපේක්ෂායන් උල්ලන්ගනය කිරීමේ න්‍යාය

     සම්මතයන් හා අපේක්ෂාවන් නොසිතූ ලෙස උල්ලන්ගනය කිරීම් වලට  පුද්ගලයන් ප්‍රතිචාර දක්වන ආකාරය විශ්ලේෂණය කරන න්‍යාය අපේක්ෂා උල්ලංගනය වීමේ න්‍යාය ලෙස හදුන්වයි.මෙම න්‍යායේ පුරෝගාමියා වූයේ ජූඩ්.කේ බර්ගන්ය.1970 දී එය සමාජයේ කතාබහට ලක්වී ඇත.මෙය ආකර්ෂණය විශ්වසනීයත්වය ඒ්ත්තු ගැන්වීම සහ සුමට අන්තර්ක්‍රියා වැනි පුද්ගලන්තර සන්නිවේදනයේ ප්‍රතිඵල මත බිහිවන්කි.මානව අන්තර් ක්‍රියා දැඩි ලෙස පාලනය වන්නේ අපේක්ෂාවන් මගින් වන අතර එය උල්ලංඝනය කළොත් ඇතිවන තත්ත්වය එයින් පසුව ඇතිවන ප්‍රතිඵල විශ්ලේෂණය කරන න්‍යායකි.මෙය සන්නිවේදනයේ නිහඩ භාෂාවක් ලෙසද හැදින්විය හැකිය.

අපේක්ෂා උල්ලංඝනය වීමේ න්‍යාය අප ප්‍රායෝගික ජීවිතයේ අප නොදැනුවත්වම හෝ දැනුවත්ව සිදුවන්නකි.පුද්ගලාන්තර සන්නිවේදනය තුළදී පුද්ගල අවකාශය කොතරම් දෙදෙනාගේ සම්බන්ධය පිළිබද සමාජයට අවාචිකව ප්‍රකාශ වනවාද කිවහොත් වර්තමාන සමාජයේ දෙදෙනෙක් ලන්වී කතා කිරීම තුළදී එතන ඔවුන්වත් නොසිතූ අර්ථයක් ගොඩනැගී ඇත.එම නිසා පුද්ගලානතර සන්නිවෙිදනය තුළ නිර්වාචික නිහඩ භාෂාවක් වන පුද්ගල අවකාශය වැදගත්ය.එම අවකාශය පිළිබඳ කතා කිරීමේදී එය ඇලන් පීස් හා E.T  හෝල් පරතරය පිළිබඳව අධ්‍යනය කර වර්ගකර දක්වා ඇත.


කුලුපග පරකරය- අගල් 6-18 අඹුසැමියන් දෙපාමියන් සහ පෙම්වතුන් වැනි අය මෙම පරතරය තබා ගනී

පෞද්ගලික පරතරය- අගල් 18-48 යහලු යෙහෙලියන් හිතමිත්‍රාදීන් අතර සම්බන්ධතාව මෙයට  අයත් වේ.

සමාජ පරතරය- අඩි 4-12 ආයතන ප්‍රධානියා සහ සේවකයා ගෙහිමියා සහ තැපැල්කරුවා වැනි සම්බන්ධතා මෙයට අයත් වේ.

පොදු පරතරය- අඩි 12 වැඩි උත්සව සභාවක් මෙහෙයවන අවස්ථාවකදී කථිකයා සහ ග්‍රාහකයා අතර පරතරය පවති.


මේ ආකාරයට විවිධ පරතර මත නිර්මාණය වී ඇති අවකාශය එකිනෙකට වෙනස් ය.මෙම පරතරයන් උල්ලංඝනය වීම  තුළ අපේක්ෂා උල්ලංඝනය වන්නේය.එනම් අපි අපේක්ෂා කරනවා අනෙකා ඒ අවකාශය තබාගනී යන පුරෝකතනය.

අප සමාජයේ ජීවත්වන කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා තමන්ට අයිති අවකාශයක් නිර්මාණය කරගනු ඇත.මෙසේ පුද්ගලයා අවකාශයක් නිර්මාණය කරගනු ලබන්නේ මිනිසුන්ට තම පෞද්ගලිකත්වය තම පෞරුෂය වර්ධනය හා තර්ජනයන්ගෙන් ආරක්ෂාවීමේ ආරක්ෂාකාරී හැගීමක් ලබා ගැනීම සදහාය.එය එක් සන්ධර්භයකට පොදු නැත.අප ජීවත් වන නිවස තුළ අපට වෙන වෙනම අවකාශයක් නිර්මාණය කරගෙන ඇත.අප සමාජයේ කුමන ස්ථානයකට ගියත් විශ්ව විද්‍යාලය නගරය බස් නැවතුම්පොළ ආදී ඔ්නෑම ස්ථානයක පමණක් නොව අපට හමුවන විවිධ පුද්ගලයාගේ ස්වභාවය අනුවද අපම අවකාශයක් නිර්මාණය කරගනී.එම අවකාශය අන්තර් පුද්ගල සබදතා පවත්වාගෙන යාමේදී වැදගත් වේ.

පුද්ගලාන්තර  සන්නිවේදනයේදී වැදගත්වන අනෙක් න්‍යාය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්වේ.එම න්‍යාය පිළිබඳ ඉදිරියට ලිපියකින් ඔබව දැන්වත් කිරීමට බලාපොරොත්තු වේ.

Comments

Post a Comment

Popular posts from this blog

  අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…           පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.                පැරණි කියමනක් තිබේ "දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොව නමුත් දුප්
 සන්නිවේදනය හා ආදරය          මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.         සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ. ආශාව ලිංගික ආකර්ෂණය ලෙන්ගතුකම සමීපත්වය චිත්තවේගික සහයෝගීතාවය උදව් විශ්වාසය කැපව