Skip to main content


 

කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)


     මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය.

පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි.

නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන.

මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ආකාරය යන සාධක පදනම් කරගෙන පුද්ගලාන්තර සන්නිවේදනය හා සම්බන්ධ විවිධ න්‍යායන් නිර්මාණය වී ඇත.එම න්‍යායන් පුද්ගලාන්තර සන්නිවේදන අවස්ථාවලදී සබඳතා ශක්තිමත් ලෙස වර්ධනව  කරගැනීමට හා පවත්වාගෙන යාමට දායක වෙයි.සහසම්බන්ධතා වර්ධනයට රුකුලක් වෙයි.එහි දී පුද්ගලාන්තර සන්නිවේදනයට අදාළ ප්‍රචලිත වැදගත් න්‍යායන් දෙකක් ලෙස පහක න්‍යයන් දැක්විය හැකිය. 

අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යාය.

සමාජ විනිවිදයාමෙ න්‍යාය


අපේක්ෂායන් උල්ලන්ගනය කිරීමේ න්‍යාය

     සම්මතයන් හා අපේක්ෂාවන් නොසිතූ ලෙස උල්ලන්ගනය කිරීම් වලට  පුද්ගලයන් ප්‍රතිචාර දක්වන ආකාරය විශ්ලේෂණය කරන න්‍යාය අපේක්ෂා උල්ලංගනය වීමේ න්‍යාය ලෙස හදුන්වයි.මෙම න්‍යායේ පුරෝගාමියා වූයේ ජූඩ්.කේ බර්ගන්ය.1970 දී එය සමාජයේ කතාබහට ලක්වී ඇත.මෙය ආකර්ෂණය විශ්වසනීයත්වය ඒ්ත්තු ගැන්වීම සහ සුමට අන්තර්ක්‍රියා වැනි පුද්ගලන්තර සන්නිවේදනයේ ප්‍රතිඵල මත බිහිවන්කි.මානව අන්තර් ක්‍රියා දැඩි ලෙස පාලනය වන්නේ අපේක්ෂාවන් මගින් වන අතර එය උල්ලංඝනය කළොත් ඇතිවන තත්ත්වය එයින් පසුව ඇතිවන ප්‍රතිඵල විශ්ලේෂණය කරන න්‍යායකි.මෙය සන්නිවේදනයේ නිහඩ භාෂාවක් ලෙසද හැදින්විය හැකිය.

අපේක්ෂා උල්ලංඝනය වීමේ න්‍යාය අප ප්‍රායෝගික ජීවිතයේ අප නොදැනුවත්වම හෝ දැනුවත්ව සිදුවන්නකි.පුද්ගලාන්තර සන්නිවේදනය තුළදී පුද්ගල අවකාශය කොතරම් දෙදෙනාගේ සම්බන්ධය පිළිබද සමාජයට අවාචිකව ප්‍රකාශ වනවාද කිවහොත් වර්තමාන සමාජයේ දෙදෙනෙක් ලන්වී කතා කිරීම තුළදී එතන ඔවුන්වත් නොසිතූ අර්ථයක් ගොඩනැගී ඇත.එම නිසා පුද්ගලානතර සන්නිවෙිදනය තුළ නිර්වාචික නිහඩ භාෂාවක් වන පුද්ගල අවකාශය වැදගත්ය.එම අවකාශය පිළිබඳ කතා කිරීමේදී එය ඇලන් පීස් හා E.T  හෝල් පරතරය පිළිබඳව අධ්‍යනය කර වර්ගකර දක්වා ඇත.


කුලුපග පරකරය- අගල් 6-18 අඹුසැමියන් දෙපාමියන් සහ පෙම්වතුන් වැනි අය මෙම පරතරය තබා ගනී

පෞද්ගලික පරතරය- අගල් 18-48 යහලු යෙහෙලියන් හිතමිත්‍රාදීන් අතර සම්බන්ධතාව මෙයට  අයත් වේ.

සමාජ පරතරය- අඩි 4-12 ආයතන ප්‍රධානියා සහ සේවකයා ගෙහිමියා සහ තැපැල්කරුවා වැනි සම්බන්ධතා මෙයට අයත් වේ.

පොදු පරතරය- අඩි 12 වැඩි උත්සව සභාවක් මෙහෙයවන අවස්ථාවකදී කථිකයා සහ ග්‍රාහකයා අතර පරතරය පවති.


මේ ආකාරයට විවිධ පරතර මත නිර්මාණය වී ඇති අවකාශය එකිනෙකට වෙනස් ය.මෙම පරතරයන් උල්ලංඝනය වීම  තුළ අපේක්ෂා උල්ලංඝනය වන්නේය.එනම් අපි අපේක්ෂා කරනවා අනෙකා ඒ අවකාශය තබාගනී යන පුරෝකතනය.

අප සමාජයේ ජීවත්වන කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා තමන්ට අයිති අවකාශයක් නිර්මාණය කරගනු ඇත.මෙසේ පුද්ගලයා අවකාශයක් නිර්මාණය කරගනු ලබන්නේ මිනිසුන්ට තම පෞද්ගලිකත්වය තම පෞරුෂය වර්ධනය හා තර්ජනයන්ගෙන් ආරක්ෂාවීමේ ආරක්ෂාකාරී හැගීමක් ලබා ගැනීම සදහාය.එය එක් සන්ධර්භයකට පොදු නැත.අප ජීවත් වන නිවස තුළ අපට වෙන වෙනම අවකාශයක් නිර්මාණය කරගෙන ඇත.අප සමාජයේ කුමන ස්ථානයකට ගියත් විශ්ව විද්‍යාලය නගරය බස් නැවතුම්පොළ ආදී ඔ්නෑම ස්ථානයක පමණක් නොව අපට හමුවන විවිධ පුද්ගලයාගේ ස්වභාවය අනුවද අපම අවකාශයක් නිර්මාණය කරගනී.එම අවකාශය අන්තර් පුද්ගල සබදතා පවත්වාගෙන යාමේදී වැදගත් වේ.

පුද්ගලාන්තර  සන්නිවේදනයේදී වැදගත්වන අනෙක් න්‍යාය පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්වේ.එම න්‍යාය පිළිබඳ ඉදිරියට ලිපියකින් ඔබව දැන්වත් කිරීමට බලාපොරොත්තු වේ.

Comments

Post a Comment

Popular posts from this blog

  කැපවීම නොමැති තැන සිහින සිහිනයම.                             පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ   තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය. ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ   සඳහා ඔබේ නින්ද , වින...
  අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…           පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.         ...
  නියඟ අපට විතරද?            අ හිංසක ජනතාවගේ හිස මතට කඩා වැටීමට ඇති සියලු කරදර කඩා වැටී ජනතාව යළි කොන්ද කෙලින්   කිරීමට උත්සහ කරන මොහොතක ස්වභාවදහම ද ඔවුන්ට ඊටත් වඩා පීඩා කරනුයේ සිත්පිත් නොමැති ලෙසය. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ම බලපා ඇති වියළි කාලගුණය තව කොතරම් කාලයක් ජනතාව පීඩාවට පත් කරයිද ? ස්වභාවදහමේ මේ කුරිරුකම තවදුරටත් සතා සිවුපාවන්ට පවා දරාගත නොහැකිය. පීඩාවෙන් දැවෙන සිව්පාවාගේ   සිතට ද   මිනිසාගේ සිතට ද සහනයක් ලබාදීමට හැකි එකම පිහිටවන්නේ වර්ෂාව නැමැති බාලගිරිදෝෂය යි. වියළි   කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් 49,765 ක පුද්ගලයින් 1163,00 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ඒත් සමගම මිනිසුන් මෙන්ම අපේ   ජෛව විවිධත්වයට වැදගත් තවත් පාර්ශවයක් මේ මොහොතේ නිහඬව වියළි කාලගුණයෙන් පීඩා විඳිති. ඔවුන් ද මේ මොහොතේ ජල අර්බුදය පෙළෙයි. ඔවුන් ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත. තම අයිවාසිකම් ඉල්ලා හඬ නගන්නේ නැත. තම දරුවන්ට තිබහයි   කියා මැසිවිලි නගන්නේ නැත. නිහඬව ම...