Skip to main content


 සන්නිවේදනය හා ආදරය

       මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.

       සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ.

  • ආශාව ලිංගික ආකර්ෂණය
  • ලෙන්ගතුකම සමීපත්වය චිත්තවේගික සහයෝගීතාවය උදව් විශ්වාසය
  • කැපවීම එකිනෙකාට පක්ෂපාතීත්වය

        ඊ රොම් දක්වන ආකාරයට ආදරය වර්ග දෙකකට වෙන්කර හදුනාගනී.ඵලදායී සහ ඵලදායී නොවන ආදරය ලෙස.ඒ.වී පෙට්රොස්කිගේ මතයට අනුව ආදරය සමීප ආකර්ෂණය මත පදනම්වන අතර වෙනත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් මෙම හැගීම් බාහිර ප්‍රකාශනයක් මගින් සංලක්ෂිත වේ.මෙවැනි ආකාරයට න්‍යායාත්මකව ආදරය යනු කුමක්දැයි කියා අර්ථ දැක්වුව ද ආදරය මෙයයි කියා නිර්වචන දීමට කාහටවත් නොහැකිය.

        කෙසේ වෙතත් සන්නිවේදනය හා ඇදරය යනු විශ්ව ව්‍යාප්ත සංකල්ප දෙකකි.ආදරය නැමැති අවශ්‍යතාවය සපුරාගැනීමට  පුද්ගලයාට මනා සන්නිවේදනයක් තිබිය යුතුය.සමාජයක පුද්ගලයන් ජීවත්වන්නේ සම්බන්ධතා මතය.එඩ්වඩ් සැපීර් නම් සමාජ විද්‍යාඥයා සන්නිවේදනය අර්ථදක්වා ඇත්තේ සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය තුළින් පවත්වාගෙන යන සම්බන්ධතා ජාලයක් ලෙසය.පුද්ගලයාගේ චර්යාවන්ට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ සමාජ චර්යාවකටම අදාළ සෑම ක්‍රියාවක්ම ,ඍජුව හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධව ඇත.එසේනම් පුද්ගලයාට තම ආදරය සෙනෙහස සොයා යාමට ලබාගැනීමට එම අවශ්‍යතාවය සපුරාගැනීමට මනා සන්නිවේදනයක් ඉවහල් වේ.

        තම දෑස්වලින් ලෝකයේ එළිය නොදුටු මවගේ කුසයෙහි වැඩෙන කළලය පවා තම මව සමඟ සන්නිවේදනයේ යෙදේ.එවිට ඔවුන් අතර ශක්තිමත් අන්තර් සම්බන්දතාවයක් ආදරයක් නොදැනීම අනාගතයේදී ඇති වේ. මව තමාට දැනෙන හැගිම් තමා ජීවත්වන පරිසරයේ වෙනස් වීම් තම දරුවා සමඟ කතාබහ කරන ආකාරය මත ඔවුන් තුළ ශක්තිමත් ආදරයක් වගේම අන්තර්සම්බන්ධකාවයක් ද ගොඩනැගේ.ඒ සඳහා අවශ්‍ය වන්නේ මනා සන්නිවේදනයකි.අප ජීවත් වන පවුලගත හොත් එය සැමදෙනාටම සුරපුරයක් දිව්‍ය විමානයක් බවට පත්වන්නේ සන්නිවේදනයේ ඇති ප්‍රබලත්වය නිසාය.මිල මුදල් යානවාහන කොපමණ සම්පත් නිවසක තිබුණත් එම නිවසේ සාමාජිකයන් තම තමන්ගේ කාමර තුළට වී එකිනෙකා සමග කතාබහක් නොකර තම තමන්ගේ ලෝකවල පමණක් සිටිය හොත් එයට සතුට පිරි පවුලක් බවට පත්නොවේ.එකිනෙකා සමඟ කතා කිරීම අත්‍යවශ්‍ය වේ.එවට ගැටලු බොහොමයක් අවම කරගැනීමට මෙන්ම තම තමන්ගේ අඩුපාඩු අනෙකාට හඳුනාගැනීමටද හැකියාවක් පවතින අතර තමාගේ සිතට සැනසීමක්ද ලබාගත හැකිය.තව තවත් පවුල තුළ ලෙන්ගතුකමක් ආදරයක් ගොඩනැගේ.එම නිසා ඔිනෑම කෙනෙකුට ආදරය කිරීමට පෙර තම සන්නිවේදන කුසලතා වැඩිදියුණු කරගත යුතුය.

Comments

Post a Comment

Popular posts from this blog

ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?      සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත. දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබි...
  කැපවීම නොමැති තැන සිහින සිහිනයම.                             පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ   තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය. ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ   සඳහා ඔබේ නින්ද , වින...
  හැමදේම කියන්නයන්න එපා. (සමාජ විනිවිදයාමේ න්‍යාය)               පුද්ගලාන්තර සන්නිවේදනය තුළ සබඳතා වර්ධනය කොට පවත්වාගෙන යාමේදී තවත් වැදගත්වන න්‍යායක් ලෙස සමාජ විනිවිදයාමේ න්‍යාය දැක්විය හැකිය .මෙම න්‍යාය හදුන්වාදීමට පුරෝගාමී වූයේ 1973 දී University of Utah සහ University of pelawarem විශ්වවිද්‍යාලවල මනෝ විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්වින් ඔල්ටමන්, ඩල්මාස් ටේලර් විසින් ඉදිරිපත් කරන ලද්දකි. ඔවුන් දෙදෙනා අනාවැකි පළ කරන්නේ ආගන්තුකයින් දෙදෙනෙකු හොඳම මිතුරන් බවට පත් වන්නේ ඔවුන් පෘෂ්ඨීය සිට සමීප හුවමාරු දක්වා ක්‍රමානුකූල හා පිළිවෙළට ඉදිරියට ගියොත් පමණක් බවයි. සමාජ විනිවිදයාමේ න්‍යාය තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නෙ අන්තර් පුද්ගල සබඳතා වර්ධනයේදී සමීප බව වර්ධනය කරගන්නා ආකාරයයි. තව දුරටත් පැහැදිලි කර දැක්වීමේදී සම්බන්ධතාවයක මූලාරම්භයේ සිට අවසානය දක්වා එය තුළ දක්නට ලැබෙන්නේ සබඳතා වර්ධනයේ පියවරවල්ය. සබඳතා බිහිවන්නේ කෙසේද කියා සිතා බැලුවහොත් සබඳතාවල මූලය වන්නේ මේ න්‍යායයි. අප ඉපදුන මොහොතේ සිටම සන්නිවේදනයේ යේදේ. අපේ හැසීරීම තීරය කරනු ලබන්නේ අප වටා තිබෙන පරි...