Skip to main content


 අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…

        පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.

            පැරණි කියමනක් තිබේ "දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොව නමුත් දුප්පත් වී මියයෑම ඔබේ වරක්ය" කියා. ඔබේ ජිතයේ තවමත් තමන් ආසකරන තමන්ට සිහින දැකපු දේවල් ලබාගැනීමට නොහැකි වී තිබේනම් එසෙනනම් මේ මොහොතේම කලයුත්තේ එදේවල් ඉක්මනින් තමාගේ කරගැනීමට කටයුතු කිරීමයි. එයට මුලින්ම කළයුත්තේ තමාගේ සිතිවිලි වෙනස්කර ගැනීමයි.තමන්ගේ ඍණාත්මක අදහස් නැතිකරගැනීමයි.මොකද සෑම පුදලයක්ම අවසන් මොහොතේ දුප්පත් මිනිසෙකු වී මිය යාමට අවශ්‍ය නැත.

               අනාගතය යහපත් කරගැනීමටයි අප කවුරුත් උනන්දු විය යුත්තේ.අප අපේ නින්ද පැත්තකට දමා උදේම පාසල් යන්නෙ, අනොරා වැස්සේ සීතල දරාගෙන පාන්දරින් නැඟිණ තම පාඩම් වැඩ කරන්නෙ, තමාගේ තිබෙන අනගතය ලස්සන කරගැනීමට ඇති දැඩි ආශාව නිසාය.මොහොතකට දැනටමත් උසස් මට්ටමකින් ජිවත්වන්නන්ගේ ජිවිතය ගැන සොයා බලන්න.ඔවුන්ද ජිවිතයේ වැඩි කාලයක් අඳුර සමග ජිවත්වී ඇත.එහෙත් ඔවුන්ට එය තම අරමුණු හමුවේ අභියෝගයක් නොවීය. තම උත්සහය ඔවුන් අතහැර නැත. කොතරම් බාදක පැමිණියත් එය ඉවසා දරාගෙන තම අනාගතය වෙනුවෙන් ඒ දුක විදදරාගෙන ඇත.

            අනගතය පා තබන්නට වර්තමානය සාර්ථකව ගතකළ යුුතුය යන්න අප නිතරම මතකයේ තබාගැනීම වැදගත්වනවා. මේ ඔබ ගතකරන මොහොත අනාගතයට අයෝජනයක්. එම නිසා කාලය කා දමන වැඩ නොකර සටීමට අප දිනේන් දින උත්සහකළ යුතුයි. ඒ වගේම නිතරම ඔබේ දෙමාපියන් වැඩිහිටියන් පවසන දෙයට ඇහුම්කන් දීම කළයුතුයි.එය පුරුද්දක් වශයෙන් කළයුතුය.එය ඔබේ සාර්ථක කරගැනීමට කළ හැකි පහසුම දෙයකි.නමුත් වත්මක් තරුණ ප්‍රජාව පාසල් යන වයසේ ළමුන් පවා දෙමාපියන් කියනා දේ කිරීමට මැලිකමක් දක්වයි.එය ඇසුන් නෑ වගේ සිටීම ඔවුන්ට මහ වැඩක් කරාවගේ හැඟීමක් දැනෙන දෙයක් බවට පත්වී තිබේ. නමුත් එය තමාම තමාට කරගන්නා ලොකු වරදක්. මොකද ඔවුන් අපට කලින් එම ජීවිතය ගෙවා දමපු අයයි. ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශ ජිවිතය ගොඩනගාගන්න පහසුකරයි. ඒ වගේම තමයි ඔබ ඔබ පිළිබඳව නිතරම සිතන්න. ඔබ ඔබේ ජීවිතයේ සිහින දිනාගත් පසුව එයින් පසුව ඔබ ජීවත්වන ආආකාරය සිතින් මවාගන්න.ඒ සිහින වලට ආදරය කරන්න. ඔබ මේ ලෝකයට පැමිණ තිබෙන්නේ කුමන හෝ කාර්යයක් මේ සමාජයට ඉටුකර තමාටද උසස් තත්ත්වයක් ලබා දී අවසන් ගමන් යාමටය. 

            එය කෙසේ හෝ ඉටුකිරීමට මහන්සි වන්න. උත්සහය සාර්ථකත්වයක් ලබාගැනීමට වඩා වටිනවා. අතීතය සුන්දර මතකයක් හෝ අසුන්දර මතකයක් විය හැකියි.නමත් කිසිව්ටක එය තම අනාගතයට ඇගිලි ගැසීමට ඉඩ නොදමන්න. ඔබට පුලුවන් අතීතය හොද ගුරුවරයෙක් කරගැනීමට ලස්සන පාඩම් කියාදෙන. සෑම දිනකම රරාත්‍රි නින්දට යාමට ගිය විට තම ගතකළ දවස ගැන කල්පනාකළොත් පසුතැවීමට ලක්නොවන හැඟීම් පහලවීමට වැඩකටයුතු කරන්න.එවිට ඔබට ඊළග දවස ගතකිරීමට අභිප්‍රෙරණයක් ලැබෙනවා. අලුත් දවසක් අලුත් අරමුණු සහගතව ආරම්භ කිරීමට සිතට ශක්තියක් ලැබේ. අනාගතය පිළිබඳ මේ මොහොතේ සිට සැහැල්ලුවෙන් සිතන්න.

 

සත්‍යාංජලී ජයසිංහ

Comments

Post a Comment

Popular posts from this blog

 සන්නිවේදනය හා ආදරය          මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.         සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ. ආශාව ලිංගික ආකර්ෂණය ලෙන්ගතුකම සමීපත්වය චිත්තවේගික සහයෝගීතාවය උදව් විශ්වාසය කැපව
  කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)      මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි. නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන. මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ආකාරය යන සාධක පදනම් කරගෙ