සැනසීමක් ලබාගන්නේ කොහොමද...? දැනටමත් හිතේ සැනසීමක් තියන කෙනෙක්ට මේ පිටුව ආදාල වෙන එකක් නෑ.එත් සැනසීම කියන්නෙ මොකද්ද කියලවත් දන් නැති කෙනෙක් මේ පිටුව මුල ඉදන් අගටම බලයි.කෙසේ හෝ මේ දෙපාර්ශවයටම සැනසීමක් ලබාගන්න තමයි මම අද ඔයාලට ලියන්නෙ. සැනසීම කියන වචනයේ අගය අපට දැනෙන්නෙ අප යම්කිසි අර්බුදයක අපට විසඳාගත නොහැකි ප්‍රශ්නයක පැටලී සිටින විට එ ප්‍රශ්නයෙන් නිදහස් විමට දරන වෑයම තුළය. මට කොහෙන් ගියත් සැනසීමක් නෑ. මට මේ දේවල් එමාවෙල තියෙන්නෙ වගේ නොයෙකුත් ආකල්ම ආපේ මනසට එන්නේ ඒ ගැටලුවේ මුදුනටම ගියාම. එසේනම් සැනසීමක් හොයන ඔයා වාගේම මමත් කරන්න තියන හොඳම දේ තමයි හැකිතරම් ඉවසන එක.පැරණි ආත්තෝපදේශයක් තියනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඉතින් ඒ දෙවල් ඒකාලේ කීවෙ කටකහනවට නෙවෙයි කියල ඉවසන් හිටියාම තේරෙනවා.මොකද්දෝ හේතුවකට අද කාලෙ අපට හමුවන බොහෝ අයට නැත්තෙම ඉවසීම.බස් එකක කකුල පෑගුනත් අනෙක් කෙනාට කකුල කැඩෙන්න ගහනවා.අම්මා බැන්නාම එල්ලිලා මැරෙනවා.තව කෙනෙක්ගෙ මතයනට හොදින් සවන්දෙන්න බෑ ඉක්මනින් කෙන්තිගන්නවා.වගේ ඉතාමත් ද...