Skip to main content
ග්‍රාමිය කාන්තාව රැකියාවක් කිරිම අත්‍යවශ වන්නේ ඇයි?

    සාම්ප්‍රදායික සමාජයේ මිනිසාගේ දිවිය ඉතාමත් සරල විය.අසීමිත අවශ්‍යතා ඔවුට නොවීය.නිවසේ ගෘහ මූලිකයා විසින් හේනට ගොස් කුඹුරට ගොස් රැගෙන එන යම් දෙයකින් පොෂණය වී ඉතාමත් සරල දිවිපෙවෙතක් ගතකළේය.මේ සමාජය තුළත් කාන්තාවට හිමිවූයේ සුවිශේෂි ස්ථානයකි.ස්වමියා නිවසට අවශ්‍ය ආර්ථික තත්ත්වය ආහාරපාන ආදිය පිළිබඳ කාර්යය වගකීමෙන් ඉෂ්ට කළේය.කාන්තාව පවුලේ සියළුදෙනාගෙම පෝෂණය ආරක්ෂාව අවශ්‍යතාවන් ඔවුන්ව පෝෂණය කිරීමේ වගකීම බාරගත්තාය.මේ සියල්ල සමඟ ඔවුන්ගේ දිවිපෙවෙත ඉතාමත් සරල විය.එලෙසම සමාජ ක්‍රමය විසින්ම ගෘහකටයුතු බොහෝ විට කාන්තාවන්ට පමණක් ආවේණික වී ඇත.එමනිසා කාන්තාව කුඩා කළ සිටම ගෙදර දොර පාලනය ආහාර පිසීම ආදී කටයුතුවලට හුරු පුරුදු විය.බොහෝ විට පවුලේ වැඩිමහල් දියණිය විසින් පවුලේ කුඩා සහෝදර සහෝදරියන් බලාගත් අතර එයින් ලැබූ අත්දැකීම මත දරුවන්ගේ වගකීම කාන්තාවට පැවරිණි.ඒ අකාරයට කාන්තාවය සමාජයේ කළයුතු වැඩකොටසක් සාමාජයෙන්ම උරුම කොටදී ඇත.

දිනෙන් දින මෙසේ ගත වන විට සමාජයේ තිබූ සරල කාරණා සංකීර්ණ කාරණා බවට පත්විය.මුල් කාලීන ආර්ථික ගැටලු ප්‍රබලව දක්නට නොලැබිණි.මිනිස් අවශ්‍යතා සීමිත විය.එම අවශ්‍යතා සමුරා ගැනීමට තරඟකාරී බවක්ද නොවීය.එලෙසම එකල තිබූ අධ්‍යාපන ක්‍රමය හා තාක්ෂණයන්ගේ නොදියුණු තත්ත්වය නිසා ඔවුන්ට ගෝලීය ලෝකයේ තොරතුරු ඔවුන්ට දැනගැනීමට අවස්ථාව නොවීය.එ වගේම ශිෂ්යත්වය උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගවලට මුහුණ දී ඉහලින් සමත් වීම වැනි උසස් අධ්‍යාපන චින්තනයක් නොවීය.නමුත් වර්තමානය වන විට අධ්‍යාපනය තුළ පවතින තරඟකාරී බව නිසාම ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් වන්නට විය.ගෙදරම සිටි කාන්තාවගේ කාර්යභරය වෙනස් වන්නට විය.වැඩ නිමවී නැවත වැඩට යන කාන්තාවක් බවට පත්විය.සරල ජිවිතය සංකිර්ණ විය.

මෙලෙස ඇතිවූ නව සමාජ තත්වය පිළිබද කතා කිරීමට හා එලෙස වීමට හේතු මොනවාදැයි සොයාබැලීම වැදගත්යැයි සිතීය.

බලපෑ එක් හේතුවක් ලෙස කාන්තාව අධ්‍යාපන ලැබීමට පෙළඔීම හා එහි ඇති වැදගත්කම තේරුම්ගැනීම.ඉගනීමත් සමඟම ඔවුන්ට තම ජීවිකය දිනන්නට අරමුණක් නිර්මාණය කරගැනීමට හැක්වේ.එම අරමුණට යාමට ඉගෙන ගැනීමට සිදුවිය.එම නිසා මුදල් තමාටම කියා උපයා ගැනීමට යොමු විය.

තවත් බලපෑ වැදගත් කාරණයක් ලෙස වත්මන් ආර්ථික තත්ත්වය ගතහැකිය.ස්වාමියා පමණක් රැකියාව කර නිවසට බඩු ආදිය රැගෙන එනකම් බලාසිටියෝත් වේල් තුනම කන්න වෙන්නේ නැති වීමට ඉඩතිබේ.එම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාහිර අවශ්‍යතා සඳහා මුදල් උපයා ගැනීමට අවශ්‍යය.

එවගේම තමයි වර්තමානයේ ග්‍රාමීය කාන්තාවන්ගේ අශාවක් බවට හා මේ ආර්ථික තත්ත්වය නිසා කිරීමට කිසිඳුදෙයක් නොවූ තැන ඔවුන් පිටරට යාමට තීරණගෙන තිබේ.ඒ තුළ පැහැදිලිවෙනවා තවදුරටත් පුරුෂ පාර්ෂවයේ මුදල් ඉපයීම පමණක් ප්‍රමාණාත්මක නොවන බව.තමන් නොලද අධ්‍යාපනය දරුවන් ලබාදීම.තමන්ට අත්පත් කරගැනීමට නොහැකි වූ සිහින තම අනෙක් ප්‍රජාවට ලබාදීම වැනි හේතු ඒ අතර වේ.

මේ තත්ත්වය බලපාන තවත් තත්ත්වයක් ලෙස ඔවුන් ග්‍රාමයෙන් පිටවී නගරයට ගියවිට නාගරික කාන්තාවන් ජිවත් වන ආකාරය දකී.ඒහිදී තමන්ද ඒ තත්ත්යට කෙසේ හෝ යාමට තීරණය කරයි.ඒ සඳහා මුදල් අවශ්‍ය‌ වේ.

ග්‍රාමීය ජනතාව ඉතාමත් තොරතුරු පිපාසයෙන් පෙළෙන්නේය.ඔවුන් බොහොමයක් අන් අයගේ දේවල් දැනගැනීමට තොරතුරු සෙවීමට ලැදිය.මේ අතර එම සමාජවල රුකියාවක් නොකරන කාන්තාවක්ට විවිධ ආකාරයෙන් අපවාද කිරීම්වලට අපහාස කිරීම්වලට ලක්කරයි.එම නිසාම රුකියාවක් කිරිමට කාන්තාව යොමු වේ.

මේ ආදී නොයෙකුත් හේතු කාරණා මුල්කරගෙන කාන්තාවන් රුකියාවේ කිරත වේ.එය එක් අතකිත් මේ ආර්ථික තත්ත්වය තුළ සුභවාදී දෙයකි.නමුත් එයින් ඇතිවන අහිතකර තත්ත්වයන් ද නැතුවාම නොවේ.එම පවුල්වල ළමුන්ට විශාල වගකීමක් තමා තුළ පවතී.තමුන් තමන්ව ආරක්ෂාකර ගතයුතුය.සියල්ල මුදල් මතම තීරණය නොවේ.විශේෂයෙන්ම මව රුකිවාවට ගිය විට ඔවුන්ගේ දරුවන් රුකබලා ගැනීමට සිදුවන්නේ ඔවුන්ගේ මහලු අම්මාටය.එය සමහර විට පවුල් පසුබිම තුළ ගැටලු ඇති කිරීමට බලපාන කාරණයකි.

Comments

Post a Comment

Popular posts from this blog

  කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)      මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි. නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන. මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ...
 සන්නිවේදනය හා ආදරය          මානව ඉටුකර ගැනීම සඳහාය.පුද්ගලයාට මේ මොහොතේදී පවා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස සන්නිවේදනය සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගන්නා උල්පතවන්නේ සන්නිවේදනයයි. පුද්ගලයා ජීවත් වන්නේ ස්වභවභාව ධර්මයෙන් උරුමකර දෙන්නා වූ අවශ්‍යතා හා උවමනා පෙන්වාදිය හැකිය.මොකද මේ මොහොතේ වුවත් අප අපේ මතකයේ තිබෙන සිඳුවීමක් හෝ ගතවුණු දවස ගැන හෝ අපේ ඉදිරි අනාගතය පිළිබඳ අප අපේ මනස සමඟම සන්නිවේදනය කරගනී.එහෙම නැතහොත් අප ළඟම සිටින මිතුරා සමඟ හෝ තොරතුරු හුවමාරුවේ යෙදේ.එබැවින් සන්නිවේදනය හුදකලා පැවැත්මක් හෝ ගුප්ත ස්වභාවයක් දක්නට නොලැබේ.         සන්නිවේදනය මෙලෙස ජීවි අජීවී මිනිස් තිරිසන් දෙපක්ෂයටම පොදු වූ සංකල්පයකි.ආදරයද එසේමය.ආදරය ලැබීමට හා ආදරය ලැබීමට සෑම පුද්ගලයෙක්ම ආසයි වගේම එය ලබා ගැනීමටද අයිතියක් ඇත.ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායෙහි පුද්ගලයාගේ සමාජීය අවශ්‍යතායක් ලෙස ආදරය සෙනෙහස ලැබීම දක්වා ඇත.ආදරය මනෝ විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව අර්ථකතනය කොට ඇත.ආර්.ස්ටර්න්බර්ග් නැමැති මනෝ විද්‍යාඥයාට අනුව ආදරයට සංරචක තුනක් ති‌බේ. ආශාව ලිංගික ආකර්ෂණය ලෙන්ග...