හැමදේම කියන්නයන්න එපා. (සමාජ විනිවිදයාමේ න්‍යාය) පුද්ගලාන්තර සන්නිවේදනය තුළ සබඳතා වර්ධනය කොට පවත්වාගෙන යාමේදී තවත් වැදගත්වන න්‍යායක් ලෙස සමාජ විනිවිදයාමේ න්‍යාය දැක්විය හැකිය .මෙම න්‍යාය හදුන්වාදීමට පුරෝගාමී වූයේ 1973 දී University of Utah සහ University of pelawarem විශ්වවිද්‍යාලවල මනෝ විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්වින් ඔල්ටමන්, ඩල්මාස් ටේලර් විසින් ඉදිරිපත් කරන ලද්දකි. ඔවුන් දෙදෙනා අනාවැකි පළ කරන්නේ ආගන්තුකයින් දෙදෙනෙකු හොඳම මිතුරන් බවට පත් වන්නේ ඔවුන් පෘෂ්ඨීය සිට සමීප හුවමාරු දක්වා ක්‍රමානුකූල හා පිළිවෙළට ඉදිරියට ගියොත් පමණක් බවයි. සමාජ විනිවිදයාමේ න්‍යාය තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නෙ අන්තර් පුද්ගල සබඳතා වර්ධනයේදී සමීප බව වර්ධනය කරගන්නා ආකාරයයි. තව දුරටත් පැහැදිලි කර දැක්වීමේදී සම්බන්ධතාවයක මූලාරම්භයේ සිට අවසානය දක්වා එය තුළ දක්නට ලැබෙන්නේ සබඳතා වර්ධනයේ පියවරවල්ය. සබඳතා බිහිවන්නේ කෙසේද කියා සිතා බැලුවහොත් සබඳතාවල මූලය වන්නේ මේ න්‍යායයි. අප ඉපදුන මොහොතේ සිටම සන්නිවේදනයේ යේදේ. අපේ හැසීරීම තීරය කරනු ලබන්නේ අප වටා තිබෙන පරි...