හැමදේම කියන්නයන්න එපා.
(සමාජ විනිවිදයාමේ න්‍යාය)
පුද්ගලාන්තර සන්නිවේදනය තුළ සබඳතා වර්ධනය කොට පවත්වාගෙන යාමේදී තවත් වැදගත්වන න්‍යායක් ලෙස සමාජ විනිවිදයාමේ න්‍යාය දැක්විය හැකිය .මෙම න්‍යාය හදුන්වාදීමට පුරෝගාමී වූයේ 1973 දී University of Utah සහ University of pelawarem විශ්වවිද්‍යාලවල මනෝ විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්වින් ඔල්ටමන්, ඩල්මාස් ටේලර් විසින් ඉදිරිපත් කරන ලද්දකි. ඔවුන් දෙදෙනා අනාවැකි පළ කරන්නේ ආගන්තුකයින් දෙදෙනෙකු හොඳම මිතුරන් බවට පත් වන්නේ ඔවුන් පෘෂ්ඨීය සිට සමීප හුවමාරු දක්වා ක්‍රමානුකූල හා පිළිවෙළට ඉදිරියට ගියොත් පමණක් බවයි.
සමාජ විනිවිදයාමේ න්‍යාය තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නෙ අන්තර් පුද්ගල සබඳතා වර්ධනයේදී සමීප බව වර්ධනය කරගන්නා ආකාරයයි. තව දුරටත් පැහැදිලි කර දැක්වීමේදී සම්බන්ධතාවයක මූලාරම්භයේ සිට අවසානය දක්වා එය තුළ දක්නට ලැබෙන්නේ සබඳතා වර්ධනයේ පියවරවල්ය. සබඳතා බිහිවන්නේ කෙසේද කියා සිතා බැලුවහොත් සබඳතාවල මූලය වන්නේ මේ න්‍යායයි. අප ඉපදුන මොහොතේ සිටම සන්නිවේදනයේ යේදේ. අපේ හැසීරීම තීරය කරනු ලබන්නේ අප වටා තිබෙන පරිසරයයි. පරිසරයෙන් අපට ලබාදෙන උත්තේජවලට අප විසින් ප්‍රතිචාර දැක්වීමක් සිදු කරයි. ඇඩීම, සිනාසීම ආදියෙන් ආරම්භ වී අප අම්මා තාත්තා සහොදර සහෝදරියන් ඇතුලු අනෙකුත් පවුලේ අය සමඟ සබඳතා ගොඩනගා ගනී. එතනින් ආරම්භ වන සබඳතාවල ශක්තිය සාමාජය තුළ සබඳතා ගොඩනගා ගනී. එතනින් ආරම්භ වන සබඳතාවල ශක්තිය සමාජය තුළ සබඳතා ගොඩනගා ගැනීමට මඟ පාදයි.එය පුද්ගලාන්තර සන්නිවේදනයටද වැදගත් වන්නේ මේ හේතුව නිසාය.
අප අනෙක් පුද්ගලයා සමඟ අන්තර් සබඳතාවය ගොඩනගා ගැනීමට පදනම සකස් කර ගත්තේ තොරතුරු මතය. තොරතුරුවලට වයස ස්ත්‍රී පුරුෂ සමාජභාවය රට ජාතිය අදාළ නොවේ. පුද්ගලාන්තර සන්නිවේදනය තුල දුරස් වීම එක්වීම තීරණය වන්නේ තොරතුරු මතයි.
එහිදී සාමාජ විනිවිදයාමේ න්‍යායට අනුව දෙදෙනෙකු සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේදී එය වර්ධනය වීමේදී ස්වයං හෙළිදරව්ව වැදගත්ය. ස්වයං හෙළිදරව්වක් යනු තමා පිළිබඳව තමාගේ හෙළිදරව්වක්ය. තමා තමා පිළිබඳව අනෙකාට කොපමණ දුරකට විවෘත වෙනවාද යන්න මෙහිදී ප්‍රකාශ වේ. එම විවෘත වීම හා පාර්ශව දෙකම පිළිගත යුතුය. එක් පාර්ශවයක් විවෘත වීම හා අනෙක් පාර්ශවය විවෘත නොවීම ගැටලුවකි. එය ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතාවයක් බිහිවීමට සාධකයක් නොවේ.
නිදසුනක් ලෙස ගෙන බැලුවහොත් පෙම්වතුන් දෙදෙනෙක්ගේ සම්බන්ධතාවය ගෙන බැලුවහොත් එම සම්බන්ධතාව දිනෙන් දින නැවුම් වන්නේ නව අදහස් අනෙකාට හෙළිදරව් කිරීම තුළයි. එනම් විවෘත වීමයි. සිතන්න ඒ දෙපලගෙන් එක් පාර්ශවයක් විවෘත වීම හා අනෙක් පාර්ශවය විවෘත නොවීම ගැටලුවකි. එය ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතාවයක් බිහිවීමටසාධකයක් නොවේ.
නිදසුනක් ලෙස ගෙන බැලුවහොත් පෙම්වතුන් දෙදෙනෙක්ගේ සම්බන්ධතාවය ගෙන බැලුවහොත් එම සම්බන්ධතාව දිනෙන් නැවුම් වන්නේ නව අදහස් ආනෙකාට හෙළිදරව් කිරීම තුළයි. එනම් විවෘත වීමයි. හිතන්න ඒ දෙපලගෙන් එක් පාර්ශවයක් කවමකවදාවත් නොකියු දෙයක් පළමු වතාවට අනෙක් පාර්ශවයට එළිදරව් කිරීමට යාමතුළ කුමන ත්ත්වයක් ඇති විය හැකිවේවිද? ඇතිවන කුමන ප්‍රතිඵලයක් හෝ ඇතිවන්නේ එම බැදීමේ ස්වභාවය දෙදෙනාට දෙදෙනා හඳුනාගෙන ඇති ආකාරය මතය.එය අපට නැවත පුරෝකතනය කළ හැකිය. එම බැඳීම නැවත අලුත් වේවියි නැතහොත් දෙදෙනාටම දෙදෙනා තේරුම් ගෙන නැවත යථා තත්වයට පත්වීම විය හැකිය. හෙළිදරව්ව බැදීම් ශක්තිමත් වීමටද හේතු වේ. මේ සියල්ල සිදුවන්නේ දෙපාර්ශවය සංජානනය තේරුම් ගැනීමේ හැකියාව සන්නිවේදනය ආදී සාධක මතය.
හෙළිදරව් කිරීම එලෙස සෑම තැනකම පිළිපැදීම ප්‍රායෝගික නැත. කුමක් නිසාද එයින්ද අයිතු ප්‍රයෝජන ගැනීමට පුද්ගලයා බලාසිටින නිසාය. නිදසුනක් ලෙස අපට ඉතා සමීප යැයි සිතන කෙනෙක්ට අපි දෙයක් පැවසීමට බිය නොවේ. ඒ අප හිතනවා එයත් ඒ ආකාරායෙන්ම අප ගැන සිතනවා කියා නමුත් එම පුද්ගලයා ඒ විශ්වාස බිද දමා එය තව කෙනෙකුට පැවසීම තුළ අපේ පෞරුෂයට එය හානියකි.
තවද අනෙකාට විවෘත වීම එක් පාර්ශවයකින් පමණක් සිදුවෙනවානම් එය ශක්තිමත් සබඳතාවට රුකුලක් නොවේ. එමගින් අනෙක් පාර්ශවයට අවාසියක් සිදුවිය හැකිය. සිතන්න ඔබේ හොදම මිතුරා ඔබ සමඟ කොතරම් සුහදශීලී වුවත් සුළු අතපසුවීමක් ඇති සියළු සබඳතා බිදීයන්න. එහිදී ඔබ ඉතා විශ්වාසයෙන් කිවූ සෑම දෙයක්ම සෑම හොදක්ම වෛරයකට පෙළඹෙයි. අපිට වැදගත් Passwords, ඡායාරූප ආදිය අප අන් අය අතර බෙදා ගන්නේ ඒ විවෘතභාවය විශ්වාසය නිසාය. එවැනි අවස්ථාවක ස්වයං හෙලිදරව්ව ඍණාත්මක ප්‍රතිඵල ගෙන දෙයි. වර්තමානයේ බොහෝ ප්‍රේම සබඳතාවල අවසානයේ එය නතර වීම තුළ ගැහැණු ළමුන්ගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ආදී පුද්ගල පෞරුෂයට හානිවන දෑ සිදුකිරීම ස්වයං හෙලිදරව්වේ අහිතකර ප්‍රතිඵල වේ.එම නිසා අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යාමේදී අනෙක් පාර්ශවයේ විශ්වාසවන්තභාවය සබඳතාවයෙහි පරතරය යන කරුණද ස්වයං හෙළිදරව්ව කෙරෙහි බලපායි.
👍👍
ReplyDelete❤️❤️
ReplyDelete❤❤❤❤❤
ReplyDelete❤
ReplyDelete