Skip to main content

 

නියඟ අපට විතරද?

           හිංසක ජනතාවගේ හිස මතට කඩා වැටීමට ඇති සියලු කරදර කඩා වැටී ජනතාව යළි කොන්ද කෙලින්  කිරීමට උත්සහ කරන මොහොතක ස්වභාවදහම ද ඔවුන්ට ඊටත් වඩා පීඩා කරනුයේ සිත්පිත් නොමැති ලෙසය. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ම බලපා ඇති වියළි කාලගුණය තව කොතරම් කාලයක් ජනතාව පීඩාවට පත් කරයිද? ස්වභාවදහමේ මේ කුරිරුකම තවදුරටත් සතා සිවුපාවන්ට පවා දරාගත නොහැකිය. පීඩාවෙන් දැවෙන සිව්පාවාගේ  සිතට ද  මිනිසාගේ සිතට ද සහනයක් ලබාදීමට හැකි එකම පිහිටවන්නේ වර්ෂාව නැමැති බාලගිරිදෝෂය යි.

වියළි  කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් 49,765 ක පුද්ගලයින් 1163,00කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ඒත් සමගම මිනිසුන් මෙන්ම අපේ  ජෛව විවිධත්වයට වැදගත් තවත් පාර්ශවයක් මේ මොහොතේ නිහඬව වියළි කාලගුණයෙන් පීඩා විඳිති. ඔවුන් ද මේ මොහොතේ ජල අර්බුදය පෙළෙයි. ඔවුන් ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත. තම අයිවාසිකම් ඉල්ලා හඬ නගන්නේ නැත. තම දරුවන්ට තිබහයි  කියා මැසිවිලි නගන්නේ නැත. නිහඬව මේ සියල්ල දරාගෙන සිටියි. ඔවුන් නම් සතා සිවුපාවන් ය. ඔවුන්ද මේ මොහොතේ පත්ව  ඇත්තේ දැවෙන ප්‍රශ්නයකට ය.

රජරට උඩවලව සහ අනෙකුත් ජලාශ කිහිපයක ම දිනෙන්ම දිනෙන් දින ජලය අඩු වෙමින් පවතිද්දී එහි ජීවත් වන මසුන් ඇතුළු තවත් ජලජීවී ප්‍රජාවට සිදු වී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදීමටය. සතියකට පමණ ඉහතදී මිනිසුන් කණ්ඩායමක් ඔවුන්ගේ ජීවිතය මේ කුරිරු   මොහොතේ ඩැහැ ගැනීමට  ගොස් තිබුණේ වතුර පොදක් ඉල්ලා අයදින  මොහොතකය. අවසානයේ නොහදුනන උණක් සෑදී ඒ සියලු පිරිස රෝහල්ගත කිරීම සිදු වූයේ සහ දෙදෙනෙකුට ජීවිතය අහිමි වූයේ ස්වභාවධර්මය ඔවුන්ට ලබා දුන් දඬුවම නිසා ය.

ඒත් සමඟම මහ මග දෙපස වීදි  සුනඛයන් සහ බළලුන් ද බීමට වතුර පොදක් නොමැතිව කාණුවක ජල කරාමයක් අසල රැඳී තිබෙන දළ බිඳ පවා කෙසේ හෝ බීමට උත්සාහ දරමින් සිටිනුයේ ඔවුන්ට වෙන කිරීමට යමක් නොමැති නිසාය. ඒ මොහොතේ පවා ඔවුන්ට මිනිසුන්ගෙන් එල්ල වන දරුණු පහර දීම්වලටද මුහුණ දීමට සිදුවන්නේ වේදනාව දෙගුණ  කරගනිමින්ය.

 වනයේ නියම අයිතිකරුවෝ වන කැලෑ සත්වයෝ බීමට ජලය බිදක් නොමැතිව හුස්ම හෙළද්දී මිනිසා නැමැති සතා ඔවුන්ගේ වාසභූමිවලට ගිනි තැබීමේ වැනි පහත් ක්‍රියා කිරීමට තරම් තම කය වෙහෙසන්නේ සිතේ කිසිම තෙතමනයක් නොමැතිවය. මේ ක්‍රියාවෙන් ක්ෂුද්‍ර ජීවියාගේ සිට කඳ බඩ ඇති අලියා දක්වාම පිච්චි පිච්චී ජීවත් වෙති. බඩට ආහාරයක් තොල කට තෙමා ගැනීමට දියපොදක් සොයා ගැනීම මේ අහිංසක සතුන්ගේ එකම අවශ්‍යතාවය හා බලාපොරොත්තුව වෙයි. නමුත් අවශ්‍යතා ඉටුකරගැනීමට ගොස් ජීවිතයක් නැතිව දැවී දැවී අවසන් හුස්ම හෙළීමට ඔවුන්ට සිදු වී ඇත.

තවත්  පුද්ගලයයෙක් තවත් පුද්ගලයෙනුට උදව් කිරීමට  අකමැති මොහොතක අන් අය කෙරෙහි  සංවේදී නොවන ලොවක  සතුන් ගැන සිතීමට පුද්ගලයා සංවේදී වේ දැයි සිතාගත නොහැකිය.

ජලයට වෙනයම් විකල්පයක් නොමැත.ජලයට ආදේශකයක් ද නොමැත.සතුන්ට තමාට අවශ්‍ය වේලාවට වෙළෙඳ පොළට ගොස් වතුර බෝතලයක් මිලදී ගත නොහැකිය. ඔවුන්ට තවකෙකුගේ  උපකාරයක් අවශ්‍යම ය.  තමාට හැකි වෙලාවක හැකි පමණින් තමාට හැකි සම්පතක්  දන්දීමට පුද්ගලයාට හැකිය. එය කුසල් රැස්කිරීමට ඇති පහසුම මඟකි. පිනක් සිදුකර ගැනීමටනම් ඊට හොඳම කාලය මෙයයි. තමාගේ ගෙවත්තේ කාර්යාලයේ නිවසේ ඔබ සිටින ඕනෑම ස්ථානයක සතුන්ට වෙන් කෙරු වතුර බේසමක් තබන්න. තමාට හැකි ලෙස  සුදුසු ස්ථානයක් සකසා ගනිමින් පිරිසිදුව ජලය බිඳක් ඔවුන්ට ලබා දෙන්න. ඔබට හැකිනම් ඔවුන් වෙනුවෙන් වෙන් වූ ජල උද්‍යානයක්  නිර්මාණය කරන්න. ඔබේ නෙත ගැටුණහොත් වතුර  නොමැතිව දඟලන මාළුවන් තමා නිර්මාණය කරගත්  ජලප්‍රදේශයට ගෙනත් දමන්න. පසුව ඔවුන් නිදහස් කරන්න. එළෙසම නිවස විසිතුරු කිරීමට කාමරවල ගෙදර සාලයේ ජල ටැංකියක් තිබේ නම් එය සතියකට දෙවතාවක් හෝ ජලය මාරු කිරීම සිදු කරන්න. දැඩි රශ්මිය නිසා වීදුරු රත් වී ජලය ඉක්මනින් රත්විය හැකිය. එසේ සිදුවුවහොත් මසුන්ට එය අපහසුතාවයකි. එලෙසම ජලජ පැළෑටියක් වන වැලිස්නේරියා වැනි ජලජ ශාක වර්ග වල ටැංකිය මත රෝපණය කිරීම තුළ ජලය සිසිල් බව ආරක්ෂා කිරීමට හැකිවේ.

මෙවැනි ක්‍රියා මේ වියළි කාලගුණයේ දීත් එසේ නොමැති කාලගුණයේදී ද සිදුකරන්න. ඔවුන් ජලතලයේ  තම සතුට භුක්ති විදින ආකාරය බලා ඔබට සතුටට පත්වන්න.

Comments

Post a Comment

Popular posts from this blog

  කැපවීම නොමැති තැන සිහින සිහිනයම.                             පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ   තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය. ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ   සඳහා ඔබේ නින්ද , වින...
  අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…           පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.         ...