Skip to main content

Posts

  කැපවීම නොමැති තැන සිහින සිහිනයම.                             පුද්ගලයාගේ ජීවිතය අරමුණු සහ බලාපොරොත්තුවලින් පිරී පවතී. මෙලොව අරමුණක් නොමැතිව ජීවත්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද බරකි. තමා දුප්පත් වී ඉපදුනානම් අවසන් හුස්ම මේ වාතලයට මුදාහරින මොහොතේදිත් ඔබ දුප්පත් වී මියයාම නොකළ යුතුය. මේ මොහොතේ ඔබ ඔබේ ආර්ථික තත්ත්වයෙන් සමාජ තත්ත්වයෙන් සමාජ පිළිගැනීමෙන් පහළ මට්ටමක සිටිනවානම් ඔබට ඒ ආකාරයෙන්ම මියයාමට අයිතියක් නොමැත. ඔබ ඔබේ ජීවිතයට වටිනාකමක් ලබාදිය යුතුය. අප අපේ ජීවිතයට ආත්ම තෘප්තියක් ලබාදිය යුතුය. එයට පුද්ලයාට අවශ්‍ය එකම ආයුධය වන්නේ අසීමිත කැපකිරීමය. තමා තමාගේ ජීවිතයේ   තිබෙන බලාපොරොත්තු සිහින සඳහා කැපනොවන තුරු ඔබේ සිහින බලාපොරොත්තු සිහිනයක් පමණය. ඔබේ අනාගතය ඔබේ ජීවිතය තීරණය වන්නේ මේ මොහොතේ ඔබ ගතකරන ජීවිතය අනුවය. නිදසුනක් ලෙස සිතුවහොත් ඔබට අවශ්‍යයි විභාගයකට හොදින් මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා විශ්වවිද්‍යාලයකට යාමට. ඒ   සඳහා ඔබේ නින්ද , විනෝදය , ආශාවන් සියල්ල ඔබ ඔබේ විභාගය වෙනුවෙන් කැපකළ යුතුය. ඔබට අවශ්‍ය රටේ පිළිගත් සන්නාමයක් හිමි ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔබ ඔබේ සතුට විවේකය සැපපහසු
Recent posts
  නියඟ අපට විතරද?            අ හිංසක ජනතාවගේ හිස මතට කඩා වැටීමට ඇති සියලු කරදර කඩා වැටී ජනතාව යළි කොන්ද කෙලින්   කිරීමට උත්සහ කරන මොහොතක ස්වභාවදහම ද ඔවුන්ට ඊටත් වඩා පීඩා කරනුයේ සිත්පිත් නොමැති ලෙසය. ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ම බලපා ඇති වියළි කාලගුණය තව කොතරම් කාලයක් ජනතාව පීඩාවට පත් කරයිද ? ස්වභාවදහමේ මේ කුරිරුකම තවදුරටත් සතා සිවුපාවන්ට පවා දරාගත නොහැකිය. පීඩාවෙන් දැවෙන සිව්පාවාගේ   සිතට ද   මිනිසාගේ සිතට ද සහනයක් ලබාදීමට හැකි එකම පිහිටවන්නේ වර්ෂාව නැමැති බාලගිරිදෝෂය යි. වියළි   කාලගුණයෙන් දිස්ත්‍රික්ක 11 කට අයත් පවුල් 49,765 ක පුද්ගලයින් 1163,00 කට වැඩි පිරිසක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත. ඒත් සමගම මිනිසුන් මෙන්ම අපේ   ජෛව විවිධත්වයට වැදගත් තවත් පාර්ශවයක් මේ මොහොතේ නිහඬව වියළි කාලගුණයෙන් පීඩා විඳිති. ඔවුන් ද මේ මොහොතේ ජල අර්බුදය පෙළෙයි. ඔවුන් ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත. තම අයිවාසිකම් ඉල්ලා හඬ නගන්නේ නැත. තම දරුවන්ට තිබහයි   කියා මැසිවිලි නගන්නේ නැත. නිහඬව මේ සියල්ල දරාගෙන සිටියි. ඔවුන් නම් සතා සිවුපාවන් ය. ඔවුන්ද මේ මොහොතේ පත්ව   ඇත්තේ දැව
        මව සහ මවාගත් මව.   සිතට සැනසීමක් අවශ්‍යනම් සිතට අසීමාන්තික ආදරයක් අවශ්‍ය නම් ගතට ආහාරයක් අවශ්‍ය නම් හදිසියේ වේදනාවක් දැනුනනම් මේ අවශ්‍යතා සියල්ල  සංසිඳුවා ගැනීමට සිටින එකම පිහිට අපේ අම්මාය. අම්මා නමැති වචනය නෙතට ගැටුනද එම රූපය අප සිතෙහි මැවුණද  දැනෙන සැනසීම වෙනයම්   දෙයකින් ලබාගත නොහැකිය. අම්මා නැමැති සිතා ගත නොහැකි ජීවිතය තම දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් තම සැමියා වෙනුවෙන් කරන කැපකිරීම ඇයටවත් නොතේරෙන තරම් ය. කාලයේ අවාසනාවට දිනෙන් දින අසන්නට ලැබෙන සිද්ධි සංෂිප්තයක් ගෙන බැලීමේදී  මව නමැති වටිනාකම කෙලෙසන, මවක් වීමේ ප්‍රාතිහාරය, වගකීම නොදත් ස්ත්‍රී සමාජයක් දිනෙන් දින බිහිවෙමින් පවතී. දින කිහිපයකට පමණ පෙර තම දරුවා කෝච්චියක තමා ගිය මව කියන්නා වූ කාන්තාවක් සහ පිරිමියකු පිළිබඳව වාර්තා විය. එලෙසම තම දරුවා තමා කියන දේ නොඅසා  තමාට වදදෙන බව කියා දරුණු ලෙස කුඩා දරුවෙකුට පහර දෙන සිද්ධියක් ඔබට මතක ඇත. ඒ සියලු ප්‍රවෘත්ති අලුත් කරමින් කැලණිමුල්ල ප්‍රදේශයේ කානුවක, ඉපදී වැදුම් ලේ වත් ගතින්  ඉවත්ව නොගිය අත දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබුණි. මෙය සිත හිරිවට්ටන සිද්ධියක් වූවාය. මේ වාර්තා වන සිද
  නිර්මාණාත්මක සන්නිවේදනය යනු කුමක්ද? නිර්මාණාත්මක සන්නිවේදනය යනු තොරතුරු, අදහස් හෝ පණිවිඩ නව්‍ය හා ආකර්ශනීය ආකාරයකින් සම්ප්‍රේෂණය කිරීමේ පුරුද්දයි.  ප්‍රේක්ෂකයින් සමඟ ඵලදායි ලෙස සන්නිවේදනය කිරීමට සහ සම්බන්ධ වීමට දෘශ්‍ය, සැලසුම්, කතන්දර කීම සහ වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රම වැනි විවිධ ප්‍රකාශන ආකාර භාවිතා කිරීම එයට ඇතුළත් වේ. නිර්මාණාත්මක සන්නිවේදනයේ අරමුණ වන්නේ අවධානය ග්‍රහණය කර ගැනීම, සිතීම අවුලුවාලීම, චිත්තවේගයන් අවදි කිරීම සහ ලබන්නා කෙරෙහි කල්පවතින හැඟීමක් තැබීමයි.  එය බොහෝ විට ප්‍රචාරණය, අලෙවිකරණය, සන්නාමකරණය, කලාව, විනෝදාස්වාදය සහ ඵලදායී සන්නිවේදනය සහ නියැලීම අත්‍යවශ්‍ය වන වෙනත් ක්ෂේත්‍රවල භාවිතා වේ. නිර්මාණාත්මක සන්නිවේදනයේ මූලික අරමුණ වන්නේ තොරතුරු අවුල් සහගත බව බිඳ දමා ප්‍රේක්ෂක අවධානය ආකර්ෂණය කර ගැනීමයි.  මනඃකල්පිත සහ මුල් ප්‍රවේශයන් භාවිතා කිරීමෙන්, එය අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට සහ සන්නිවේදනය කරන පණිවිඩය සමඟ වඩා හොඳ අවබෝධයක් සහ නියැලීමක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. නිර්මාණාත්මක සන්නිවේදන ශිල්පීය ක්‍රම සඳහා උදාහරණ ඇතුළත් වේ: දෘශ්‍ය සහ සැලසුම්: පණිවිඩයක් ඵලදායී
  හැමදේම කියන්නයන්න එපා. (සමාජ විනිවිදයාමේ න්‍යාය)               පුද්ගලාන්තර සන්නිවේදනය තුළ සබඳතා වර්ධනය කොට පවත්වාගෙන යාමේදී තවත් වැදගත්වන න්‍යායක් ලෙස සමාජ විනිවිදයාමේ න්‍යාය දැක්විය හැකිය .මෙම න්‍යාය හදුන්වාදීමට පුරෝගාමී වූයේ 1973 දී University of Utah සහ University of pelawarem විශ්වවිද්‍යාලවල මනෝ විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්වින් ඔල්ටමන්, ඩල්මාස් ටේලර් විසින් ඉදිරිපත් කරන ලද්දකි. ඔවුන් දෙදෙනා අනාවැකි පළ කරන්නේ ආගන්තුකයින් දෙදෙනෙකු හොඳම මිතුරන් බවට පත් වන්නේ ඔවුන් පෘෂ්ඨීය සිට සමීප හුවමාරු දක්වා ක්‍රමානුකූල හා පිළිවෙළට ඉදිරියට ගියොත් පමණක් බවයි. සමාජ විනිවිදයාමේ න්‍යාය තුළින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නෙ අන්තර් පුද්ගල සබඳතා වර්ධනයේදී සමීප බව වර්ධනය කරගන්නා ආකාරයයි. තව දුරටත් පැහැදිලි කර දැක්වීමේදී සම්බන්ධතාවයක මූලාරම්භයේ සිට අවසානය දක්වා එය තුළ දක්නට ලැබෙන්නේ සබඳතා වර්ධනයේ පියවරවල්ය. සබඳතා බිහිවන්නේ කෙසේද කියා සිතා බැලුවහොත් සබඳතාවල මූලය වන්නේ මේ න්‍යායයි. අප ඉපදුන මොහොතේ සිටම සන්නිවේදනයේ යේදේ. අපේ හැසීරීම තීරය කරනු ලබන්නේ අප වටා තිබෙන පරිසරයයි. පරිසරයෙන් අපට ලබාදෙන උත්තේජවලට අ
  කතාකරන්න කලින් මේ දේවල් දැනගන්න.  (අපේක්ෂා උල්ලංඝනයවීමේ න්‍යය)      මේ ලෝකය රැදී පවතින්නේ සබඳතා මතයි. සිතා බලන්න මේ ලෝකයේ කිසිම සත්ත්වයෙන් පුද්ගලයෙක් හුදකලා වී සිටින්නේ නැත. ඔවුන් බැදීම්වලින් බැදී පවතී.එසේනම් එම බැදීම් ඇති කළේ වෙනයම් බලවේගයක් නිසා නොව සන්නිවේදනය නිසාවෙනි.එම සන්නිවේදනයේ එක් අවස්ථාවක් ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හැඳින්විය හැකිය. පුද්ගලාන්තර සන්නිවේදනය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. මෙහිදී එම සන්නිවේදනය අප දෛනික ජීව්තයේ සෑම පුදගලයෙකුම විවිධ අවස්ථාව වලදී අන්තර් පුද්ගල සම්බන්ධතාවය වර්ධනය කරගැනීමට තිබෙන පහසු ක්‍රමයකි. නිදසුනක් ලෙස අප නොදන්නා කවරෙකු හෝ අපේ දුරකථන අංකය අපට නොදැනුවත්වම ලබාගෙන අප සමඟ සබඳතා ඇතිකර ගැනීම තුළ එම පාර්ශවයන් දිගින් දිගටම පණිවිඩ හුවමාරු කරගැනීම තුළ එම පාර්ශව දෙක අතර අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් ගොඩනැගේ.ඒ වගේම එලෙස සම්බන්ධතාව ඇතිවීමට මෙන්ම නැති වීමටද පුලුවන. මෙලෙස සමාජය තුළ සම්බන්ධතා වර්ධනය වීමේදී එහි ස්වභාවය පිළිබඳ , සමාජය සමඟ බද්ධ වී පවතින ආකාරය, ප්‍රායෝගික සමාජයේ දක්නට ලැබෙන ආකාරය යන සාධක පදනම් කරගෙ
  අතිතයෙන් ලද හොදම දෙය අනාගතයයි…           පුද්ගලයෙකු නිර්මාණය වී තිබෙන්නේ සහ ජීවය ලබා මේ ලෝකයට පැමිණ තිබෙන්නේ මා දකිනා ආකාරයට උපන් දවසේ සිට මරණයට පත්වන දවස දක්වා ලැබී තිබෙන කාලපරිචජේදය අරමුණු සහගතව ඵලදායි ලෙස ගෙවාදමා වෙනස් පුද්ගලයෙකු ලෙස මේ ලොවන් යාමටය. එලෙස පුද්ගලයාට හිමි ඒ කාලය අතීත කාලය, වර්තමාන කාලය,  අනාගත කාලය, ලෙස කොටස්කර දක්වා ඇත.මේ ඔබ ගත කරන කාලය වර්තමාන කාලයයි.ඔබට මීට මොහොතකට කලින් හිමි වූ කාලය අතීත කාලයයි.ඔබට එළඹෙන ඊළඟ තත්පරය අනාගත කාලයයි.ඉතින් මේ කාල කාල පරිච්ඡේද තුන අතරින් අපේ අවදානය අප නිතරම යොමු කළ යුතුවන්නේ ඒ එළඹෙන අනාගත තත්පරයට. එසේ සිදුකළ නොහැකි වුවහොත් වන්නේ අනාගතයට අප්‍රසන්න මතකයක් එකතුවීම පමණි.නිදසුනක් ලෙස ඔබට විභාගයකට මුහුුණ දීමට තිබේ යැයි සිතන්න.එය  අනාගතයේ සිදුවීමට තිබෙන දෙයකි.එසේනම් මේ මොහොතේ ඔබ ඒ පිළිබඳව සිතා මහන්සී වී කැප වී වැඩ කළේ නැතිනම් ඔබට ඔබට විභාගය දිනට දැනනෙ සිතිවිල්ල ඍණාත්මක විය හැකිය. ඔබ එදිනට කැපවී හොදින් පෙර සූදිනමකින් ගිය හොත් ඔබට ඔබ ගැනම අභමානයක් ආඩම්බරයක් දැනෙයි.                පැරණි කියමනක් තිබේ "දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොව නමුත් දුප්